හේමලතා ඩී හේවගේ
කුලියාපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ කිහිපයක් හරහා අද (19) අලුයම හමාගිය සුළි කුණාටුවකින් නිවාස 20 කට සහ වෙළඳසල් 12ක් ඇතුඵ රථවාහන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව කුලියාපිටිය පොලීසිය පවසයි.
මෙම සුළඟින් සිව් දෙනෙකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහළට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝන්ගොල්ල, දීගල්ල, පල්ලම්පිටිය, කරන්තිප්පල හරහා හමාගිය මෙම සුළගින් හෙට්ටිපොල - කුලියාපිටිය මාර්ගයටද ගස්කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd