IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’විපක්ෂයෙන් හුස්මක්’’ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 'ජන සුවය' සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ   විස්සක්  වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය  රෝහලට පිරිනැමිණි.

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  එම අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගය තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය මංජුල ගුණතිලක මහතා වෙත බාර දුන්නේය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට වසර 13 කට පෙරාතුව අනුරාධපුරයේ පැවති ජනහමුවකදී ත්‍රස්ත ප්‍රහාරයකට හසුව අභාවප්‍රාප්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා  මහතා ප්‍රමුඛ විසි නව දෙනකු සිහිපත් කරමින්  පැවැති ගුණානුස්මරණයටද එක්වූ විපක්ෂ නායකතුමා, රෝහල් උපකරණ  පරිත්‍යාගයෙන් ලැබෙන කුසල්, එම පිරිසට අනුමෝදනා කළේය.

මීට පෙර අවස්ථා 30ක් තුල ලක්ෂ 876 ක රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කොට වදාළ අතර, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.



අදහස් (1)

’’විපක්ෂයෙන් හුස්මක්’’ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට

Ishan Ahamed Wednesday, 13 October 2021 09:39 AM

ගොඩක් වටිනා වැඩසටහනක්... ඇත්තටම වෙනසක් ඇති කළ හැකි නායකයෙක්. ඔබ වැනි නායකයෙක් මෙරටට අවශ්‍යම මොහොතක්. මෙම කර්තව්‍යය සඳහා දායකත්වය දුන් සැමට දීර්ඝායු ලැඛේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site