IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


’පානදුර සළිදුගේ’ කුඩු ජාවාරම මෙහෙයවු හමුදා සෙබළකු ඇතුළු 2 ක් දැලේ

( සුමිත් ප්‍රේමතිලක )

විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් මෙහෙයවන  බැව් කියන  " පානදුර සළිදු" නැමැත්තාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ යුද හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු  රුපියල් ලක්ෂ දහයකට  ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, මස් විල සහ රේරුකාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිනිශ්සංක  මහතා ඇතුළු පොලිස් කණ්ඩායම බණ්ඩාරගම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ තිබූ  හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ,වැඩිදුර විමර්ශන සඳහා සන්තකයේ තිබූ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන තිබේ .

අත්අඩංගුවට පත්ව ඇති සෙබලා යුද හමුදා පොලිස් හේවා බලකායට අයත් මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බව පොලිසිය කීය.

සැකකාර සෙබළා ඉකුත් ජූලි 30 දා බණ්ඩාරගම , රේරුකාන ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ හතළිහකට ආසන්න ප්‍රමාණයක් නිවසේ සැගවීමට ආධාර අනුබල දුන් අය බවටද හදුනාගෙන ඇතැයි වැටලීමට  එක්වූ  පොලිස් නිලධාරීයෙක් පැවසීය .

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි .

පාණදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , පොලිස් අධිකාරී 1 උදය  අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් ,උප පොලිස් පරීක්ෂක දිසානායක සැරයන්වරුන් වන ලාල් (18397), අනුර (27061), කොස්තාපල්වරුන් වන වසන්ත (69918) ,  පුෂ්පකුමාර (82409), අමරජීව ( 80100 ), 94074 පැතුම් (94074), සුරවීර  (37454)  යන නිලධාරීන් වැටලීමට එක්වූහ .

 



අදහස් (0)

’පානදුර සළිදුගේ’ කුඩු ජාවාරම මෙහෙයවු හමුදා සෙබළකු ඇතුළු 2 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site