IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හේන් වගාවට අයිතිය ඉල්ලා ගොවීහු පාරට බසිති

(කේෂර ගුණතිලක)  

වසර ගණනාවක් තිස්සේ හේන් ගොවිතැන් කරන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිමලේ සහ කොටියාගල ප්‍රදේශ වල පදිංචි ගොවීන්ට තම හේන් වල වගාකිරීමට ඉඩදෙන ලෙස ඉල්ලමින් ගොවීහු පිරිසක්  අද  (06) සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

සියඹලාණ්ඩුව කැම්බල් ක්‍රීඩාංගනයට වැඩම කළ මණ්ඩාගල රජ මහා විහාරවාසී දර්ශනගම සුමේධ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත් මහා සංඝරත්නය ඇතුළු ගොවි ජනතාව සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පාගමනින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියහ.

ඇතිමලේ සහ කොටියාගල ප්‍රදේශයේ පදිංචි ගොවීන් වසර ගණනාවක් තිස්සේ හේන් ගොවිතැන් කරන අතර එම වගාබිම් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් බව පවසමින් මායිම් සලකුණු කොට වගාබිම් වලට ගොවීන්ට ඇතුල්වීම තහනම් කර ඇත.

මේවන විටත් ගොවීන් අක්කර දහස් ගණනක් වගා කටයුතු වලට සූදානම්කර ඇති අතර ගොවීන්  ඉල්ලා සිටින්නේ මහකන්නයේදී එම ඉඩම් වල බෝග වගාකිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

තවද සෑම ගොවියෙකුටම අක්කර පහක් හෝ හයක් මැනුම් කටයුතුකර ලබාදෙන ලෙසත්ගොවීන් දැනට වගාකරන සියළුම ඉඩම්  වනසංරක්ෂණ සීමාවෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින ගොවීහු පිටස්තර ප්‍රදේශ වලින් ගව  පාලනයට සහ විවිධ ක්‍රියාකාරකම් වලට පැමිණි සංක්‍රමණික පිරිස් වහා ඉවත් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහල නිලධරීන්  සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ගොවීහු ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම් අඩංගු ලිපියක් ගොවි නියෝජිතයින් විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

මෙම උද්ඝෝෂණය ගොවි අරගල ව්‍යාපාරය,සමස්ථ ලංකා ගොවි අරගල ව්‍යාපාරය,වෙල්ලස්ස හඬ සංවිධානය,ඌව පළාත් ජනතා සැලසුම් සංසදය,මොනරාගල දිස්ත්‍රික් ස්වේච්ඡා සංවිධාන එකමුතුව ඇතුළු ගොවි සංවිධාන විසින් සංවිධානයකර තිබිණි.



අදහස් (1)

හේන් වගාවට අයිතිය ඉල්ලා ගොවීහු පාරට බසිති

69lakshaya Friday, 08 October 2021 04:24 AM

අපි ඔක්කොම ආණ්ඩුවට 2/3 බලයක් දීලා පත්කරගෙන 20 වැනි සංශෝධනයත් අනුමත කරලා ආණ්ඩුවට හිතුමනාපෙට රටේ ඕනෑම දෙයක් කරන්න බලය දීලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුවත් දැන් ආණ්ඩුවට ඕනෑ විදිහට හැම දෙයක්ම කරනවා.. උද්ඝෝෂණය කරන්නේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site