( පාලිත ආරියවංශ)

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් 9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට  රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී  හදුනාගෙන ඇතැයි   හඳුනාගෙන ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි.

මීට පෙරද පොලිස් නිළධාරින් තිදෙනෙක් ආසාදිතයන් වීම නිසා මෙම පරික්ෂාව සිදුකළ බව  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි .

ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ආශ්‍රීත පොලිස් නිලධාරින් 21 දෙනෙක්ද  ස්වයං නිරෝධායනයට ලක් කර ඇතිබව  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී පැවසීය .

පොලිස් ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය .