IMG-LOGO

හාලිඇළ හෙළවැල්ගොල්ලේ නිධන් සෙවූ 5 දෙනා රිමාන්ඩ්


(පාලිත ආරියවංශ  සහ විමුක්ති සංජය පෙරේරා)
 
හාලිඇළ උඩුවර හෙළවැල්ගොල්ලේ  ඉඩමක  නිධන් හෑරීමේ අරමුණින් කැණීම් කළැයි සැකපිට හාලිඇළ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(12) නියෝග කළේය.
 
වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ස්ප්‍රිංවැලි පදිංචිකරුවන් වන අතර තිදෙනෙකු උඩුවර ප්‍රදේශයේ  පදිංචිකරුවන් බව  පොලිසිය සඳහන් කරයි.
 
මෙම පිරිස ඊයේ(11) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
 
කැණීම කළ ස්ථානයේ ගලක ඇත්අඩියක  සලකුණ තිබූ බව පැවසෙතත්  අඩි 17 ක් ගැඹුරට කැනීම් කර තිබූ බැවින් එය සනාථ කර ගත නොහැකිවූ බවත්  ස්ථානය නිශ්චය කර ගැනීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බවත් පොලිසිය සඳහන් කළේය. එම ස්ථානයේ තිබී අලවංගු, උදලු, ඇතුලු  උපකරණ ද පොලිසිය බාරයට ගෙන තිබේ.
 
පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

හාලිඇළ හෙළවැල්ගොල්ලේ නිධන් සෙවූ 5 දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site