(සමන් පාලිත නානායක්කාර) 

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සොරගුනේ මහා විදුහලේ තවත් දූ දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් 19  ආසාදිත වී ඇති බව අද 22 දින කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.

මේ හේතුවෙන් එම විදුහලේ පන්ති කාමර තුනක්  වසා තැබීමට පියවර ගත් බව විදුහල්පති සොරඟුණේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.  දෙක ඒ,පහ ඒ,සහ දහය බී ශ්රේ ණි මෙසේ වසා දැමීමට පියවර ගෙන තිබේ. 

පන්ති 5ක දූ දරුවන් වෙනුවෙන් ඇන්ටිජන් පරීක්ෂාව සොරඟුණේ මහා විදුහලේ දීම සිදු කිරීම විශේෂත්වයකි. 

සොරගුනේ මහ විදුහලේ 2 ඒ  ශ්රේාණියේ ළමුන් දෙදෙනෙකුට පහ ,දහය, සහ එකොලහ  ශ්රේසණි වල එක් ළමයෙකු බැගින් ද කෝවිඩ් ආසාදිත වී තිබේ.

ආසාදිත 11 ශ්රේකණියේ දරුවා පසුගිය දිනවල  පාසලට පැමිණ නැති බැවින් පාසලේ එම පංතිය  වසා දැමීමට පියවර ගෙන නැත. 

ආසාදිත ළමුන් සහ ආසාදිත ළමුන් ගේ  සමීපතම ආශ්රිදතයින් සිය නිවෙස් වලම ස්වයං නිරෝධායනයට  ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු වන බවත් හල්දුම්මුල්ල මහජන සෞඛ්යා පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.