(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
සිංහරාජ වනාන්තරයේ ෆයිනස් හා ඇකේසියා ගස් ඉවත් කර ස්භාවික වන වගාවක් ආරම්භ කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
මේ දිනවල වගා කිරීමට සුදුසු ශාක රෝපණය කිරීම ආරම්භ කර ඇති බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
විදේශීය ශාක වන ෆයිනස් හා ඇකේසියා අතීතයේ වගා කර ඇත්තේ අනවසර හේන් ඉඩම් හා සිංහරාජ වනාන්තරයේ මායිම් ආරක්ෂා කර ගැනීමට බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
සිංහරාජ වනාන්තරය අවට හෙක්ටයාර 600 ක් පමණ ෆයිනස් වගාවත් හෙක්ටයාර 50 ක් පමණ ඇකේසියා වගාවත් ඇති බවත් එම වගා වැද්දගල බීට්ටුව,කුකුළේගම බීට්ටුව ,රඹුක බීට්ටුව ,කලවාන බීට්ටුව යන ප්‍රදේශවල ඇති බවත් එම ගස් ක්‍රමයෙන් ඉවත් කරමින් ස්භාවික වන වගාව කිරිමට නියමිත බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
මෙම වැඩපිළිවෙළ සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිරිවැය දරන අතර ඉවත් කරන දැව දැව සංස්ථාව වෙත ලබා දීමට නියමිත බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .මෙම දිනවල ඉවත් කරන ෆයිනස් හා ඇකේසියා ගස් සලකුණු කිරීම ආරම්භ කර ඇති බවද කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිංහරාජයේ ෆයිනස්-ඇකේසියා ඉවත් කර ස්වාභාවික වන වගාවක් අරඹයි
චින්තක Wednesday, 21 July 2021 07:24 AM
රක්වාන සූරියකන්ද මාර්ගය අවටත් ෆයිනස් වගාව සිදුවෙලා තියෙනවා.. එම පෙදෙසේත් මෙය ක්‍රියාත්මක කළොත් වටිනවා.