(සුමිත් ප්‍රේමතිලක )
සංචරණ සීමා පනවා ඇති මහ වස්කඩුව ප්‍රදේශයේ කොවීඩ් 19 වැළදී ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සෞඛ්‍ය බළධාරින් පැමිණිමේදී සැගව සිටී රෝගීන් දස දෙනකු සොයාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකළ බව කළුතර උතුර පොලිසිය කියයි .
මෙසේ සැඟව සිට ඇත්තේ මහ වස්කඩුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයන් දස දෙනෙක් බව පොලිසිය කියයි .
මහා වස්කඩුව ග්‍රාම නිලධාරී වසමේ ආසාදිතයින් 12 දෙනෙකු සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පැමිණෙන බවට දුරකථන ඇමතුම් ලබාදී දැනුවත් කර සිටියදී මෙසේ සැඟව සිට ඇති බව පොලිසිය කියයි .
සෞඛ්‍ය බලධාරීන් රෝගීන් දෙදෙනකු පමණක් කැටුව බස් රථයට නංවා අනිත් දස දෙනා සොයාගැනීමට නොහැකි බව පොලිසියට දැනුම් දී තිබේ .
ඒ අනුව අසල මාර්ග බාධාකවල රාජකාරි කල පොලිස් නිලධාරීන් ආසාදිතයින්ගේ ජංගම දුරකථන වලට ඇමතුම් ලබා ගෙන ඇති අතර , ඒවාද විසන්ධි කර තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd