IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සේවය අතහැර ගිය වෛද්‍යවරයෙකු නැවත සේවයේ පිහිටුවීමට දුන් නියෝගයක් අවලංගු කෙරේ

(එච්. චන්දන)

වෛද්‍ය සේවයේ යෙදී සිටියදී සේවය අතහැර ගියා සේ සලකා නියෝග නිකුත් කර තිබූ වෛද්‍යවරයෙකු නැවත සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ලබා දී තිබූ නියෝගය අවලංගු කරන ලෙස පුත්තලම තේරීම් භාර නිලධාරී හා දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා විසින් අද (03) වැනිදා සවස  මෙය දැනුම් දී ඇත.   

මේ පිළිබඳව මාරවිල මූලික රෝහල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාවේ ලේකම් සහන් අලහකෝන් මහතාගේ අත්සනින් යුත් පැමිණිල්ලක් අද (03) වැනිදා සවස පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත බාර දී තිබේ.

2019 අගෝස්තු මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු මාදම්පේ පිහිටි පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ස්ථාන මාරු කර තිබේ.

එම වෛද්‍යවරයාව 2019 අගෝස්තු මස 24 වැනිදා තම රෝහලෙන් මුදා හැරීමට මාරවිල මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇත.

නමුත් මෙම වෛද්‍යවරයා සේවයට වාර්තා නොකර දිගින් දිගටම අසනීප නිවාඩු වාර්තා කර ඇත. පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකරිය විසින් මෙම තත්ත්වය නිසා 2019 සැප්තැම්බර් මස 10 වැනිදා එම වෛද්‍යවරයා සේවය අතහැර ගියා සේ සලකා නියෝගයක් නිකුත් කර  තිබේ.

පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට ලිඛිතව අගෝස්තු මස 30 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් දැණුම් දී ඇත්තේ සේවය අතහැර ගියා සේ සලකන ලද වෛද්‍යවරයාව වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඔහුට හිමි හිඟ වැටුප්ද ගෙවීමට කටයුතු කරන ලෙසය. 

තවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් එවා ඇති ලිපියේ සඳහන්  වන්නේ මෙම වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවා මාරවිල මූලික රෝහල වෙත යොමු කර තාවකාලිකව ඔහුව මාදම්පේ ප්‍රාදේශීය රෝහලේ වැඩ බලන ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කරන ලෙසයි.

මෙම  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයට විරෝධය පල කරමින් 30 වැනිදා මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ඊට සහාය පල කරමින් පුත්තලම මූලික රෝහල සහ හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් හැර දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට සහාය ලබා දී ඇති බවද මෙම කරුණු සැළකිල්ල ගෙන ඇති පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවීම සහ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම් දීමට කටයුතු කර  තිබේ.



අදහස් (0)

සේවය අතහැර ගිය වෛද්‍යවරයෙකු නැවත සේවයේ පිහිටුවීමට දුන් නියෝගයක් අවලංගු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site