(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරුර වැවෙි ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලිසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ අලුත්නුවර උඩ අරාව ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් පියන්කර නැමැති (21) හැවිරිදි තරුණයකු මෙලෙස වැවෙි ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (05) පස්වරුවේ තවත් තිදෙනෙකු සමග මොහු සමනල වැව ජලාශයේ දිය නැම සදහා බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයෙන් සමනල වැවට බැස ඇත. එහිදී මොහු වැවෙි ගිලි අතුරුදන් වි තිබෙි.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා ඊයේ (05) රාත්‍රිය වන තෙක් මෙහෙයුක් දියත් කලද තොරතුරක් නොලැබිණි.
අද කිරින්ද නාවික හමුදා කදවුරේ නිළදාරීන් සහ බලන්ගොඩ පොලිසිය විසින් ඔහුගේ සිරුර වැවෙි ගිලි තිබියදි සොයා ගන්නා ලදි.
පශ්චාත් මරණ පරික්ෂණ අද (06) බලන්ගොඩ මුලික රෝහල් දි පැවැත්විමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් සොයා ගැනේ