IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීගිරිය රාමකැලේ ඓතිහාසික නටබුන් විනාශයට යන ලකුණු

(කාංචන කුමාර ආරියදාස)
 
සීගිරිය අභය භූමියේ සීගිරිය රාම කැලේ නමින් හඳුන්වන ප්‍රදේශයේ,  ඓතිහාසික නටබුන් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශවෙමින් පවතින බව වනජීවි නිලධාරීහු පවසති. 
 
නිධන් හොරුන් මෙම ස්ථානයේ  කොරවක්ගල්, සඳකඩ පහණ, චෛත්‍යය, පැරණි ගඩොල්, ගල් කණු විශාල වශයෙන් විනාශ කර, චෛත්‍යය ගර්භ හාරා, පුරාවස්තු සංහාරයක් කර ඇත.
 
සීගිරිය වනජීවී නිලධාරීන් රාජකාරියකට  අභය භූමියට යන අවස්ථාවක පුද්ගල කණ්ඩායමක් මෙම ස්ථානයේ කැණීම් කරමින් සිට පැන ගොස් තිබිණි. ඔවුන් ගෙන ආ කැණීම් උපකරණ සහ ජංගම දුරකථනයක් ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබිණි. 
 
සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයට, පොලිසියට සහ වනජීවී කාර්යාලය කිලෝමීටර් එකහමාරක පමණ දුරකින් පිහිටි මෙම භූමියේ ඇති නටඹුන් අනුව ඒවා රජ මාළිගයකට හෝ බෞද්ධ මන්දිරයකට අයත් ඒවා විය යුතු බව ඔවුහු පවසති.
 
මේ සම්බන්ධයෙන් විමසීමේදී සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයට ගියද එහි නිලධාරීන් අද දින නිවාඩු බව පැවසූ එහි සේවකයෙක් එහි නිලධාරීන් 48දෙනෙකු සේවයේ නිරත වන බව පැවසීය.
 
ජනතා මුදල් ගෙවා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලයේ විශාල සේවකයන් පිරිසක් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සීගිරියට බඳවා ගෙන තිබූ නමුත්, පුරාවිද්‍යා භූමි සියල්ල නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවීම පුදුමයට කරුණක් බව ප්‍රදේශවාසීහු කියති.


 



අදහස් (0)

සීගිරිය රාමකැලේ ඓතිහාසික නටබුන් විනාශයට යන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site