(ඩි.ජි.සුගතපාල)
විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග හිටපුු යුද හමුදා සෙබලෙකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ පදිංචි 44 හැවිරිදි ශ්‍රි ලංකා යුධ හමුදාවේ 09වන ඉංජිනේරු රෙජමේන්තුවේ හිටපු සෙබලෙකි.
සැකකරුගේ නිවසේ වලදමා තිබියදි මෙම ජිව අත් බෝම්බය සොයාගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු කොටවිල පොලිසියට බාරදි ඇති අතර සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් අත්බෝම්බයක් කිව්වේ ලංකාවෙත් අත්බෝම්බ හදනවාද?