IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලි සැර වැදී දෙදරු පියා මරුට

(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට ප්‍රවේශ වූ ලොරි රථයක විදුලිය වැදීමෙන් ලොරි රථය පදවා ගෙන එන ලද අයෙකු මිය ගොස් ඇති  බව මිද්දෙනිය පොලීසිය කියයි.

විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු වූ ජාසිං ආරච්චිගේ අමිල උදයංග නම් අයෙකු බව පොලීසිය කියයි.

ඔහු ඊයේ (28) දින සවස ගල්පොත්තයායේ පිහිටි තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට ලොරි රථය හැරවීමට යාමේදී ඒ අසල තිබූ විදුලි කණුවක අනාරක්ෂිතව තිබූ විදුලි රැහැනක ලොරිය ගැටී මෙම අනතුරුව සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.

මෙම පුද්ගලයාට විදුලිය වැදී ඇති බව දැනගත් අසල නිවසක සිටි කාන්තාවක් කෑ ගසා ප්‍රදේශවාසීන් ගෙන්වා කඹයක ආධාරයෙන් මිය ගිය අය ලොරියෙන් ඈත් කොට රෝහල් ගත කොට ති‍බේ.

රෝහලට රැගෙන යන විටත් ඔහු මිය ගොස් තිබූණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 



අදහස් (0)

විදුලි සැර වැදී දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site