IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


වැසි සහිත සුළඟෙන් මහව නිවාස රැසකට හානි

(සජීවා කෝට්ටගොඩ )

වැසි සහිතව හමාගිය තද සුළං හේතුවෙන් මහව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී  වසම් දෙකක නිවාස හා ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි ලෙස  අලාභානි සිදුව තිබේ .

ගස් කඩා වැටීම් හා  නිවාස හානි සිදුව ඇත්තේ  මැදගම හා ගලඅඹගස්වැව යනග්‍රාම නිලධාරී වසම් වලය.

මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 18ක් හා ව්‍යාපාරික ස්ථාන පහක පුද්ගලයින් අසූ දෙනකු පමණ පීඩාවට පත්ව සිටිති.මාර්ග දෙපස ගස් කඩා වැටීම්  හේතුවෙන් විදුලි රැහැන් පද්ධතියට අලාභහානි සිදුව තිබෙන බවත්  වැව් ආශ්‍රිතව විශාල ගස් ඉදිරි කඩා වැටීඇති බවත් මහව ආපදා සහන නිලධාරී සුගත් රත්නායක මහතා පැවසීය.

ඇතිවූ සුළං හේතුවෙන් නිවාසවල වහලගැලවී ගොස් තිබේ.

ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා සමඟ 225 ග්‍රාම නිලධාරීසුමිත් බණ්ඩාර මහතාහා 226 ගලඅඹගස්වැවග්‍රාම නිලධාරී දිහාන් පුෂ්පකුමාරයන අය හානියට පත් නිවාස පරික්ෂා කිරීම සඳහා එක්ව සිටියහ.

පුද්ගල හානි වාර්තා නොවූවද දේපල හානි සිදුව ඇතැයි මහව ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා පැවසීය .හානියට පත් නිවාස ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව  ප්‍රාදේශීය ලේකම්තුමා වැඩිදුරටත් කියා සිටියේය .

සිදුව ඇති හානිය පිළිබඳව මේ වන විට  තක්සේරු කරමින් සිටී .

 

 

 



අදහස් (0)

වැසි සහිත සුළඟෙන් මහව නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site