(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැඩිදුර අධ්‍යාපනය සඳහා ස්විට්සර්ලන්තයට යාමට වීසා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ කොල්ලුපිටියේ රැකියා නියෝජිත ආයතනයක සේවිකාවක් අද(23) හොරණේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තොරතුරු තාක්ෂණවේදී උපාධිය සඳහා ස්විට්සර්ලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය ලැබීමට වීසා ලබාදිය හැකි බව පවසා කඩුවෙල පදිංචි කාන්තාවක් මුදල් වංචා කළ බවට ලද පැමිණිලි දෙකක් මත සැකකාරිය අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
මෙම සැකකාර කාන්තාව එක් තරුණියකගෙන් රුපියල් 360,000ක් සහ ගුවන් බලපත්‍රයක්ද, තවත් තරුණයකුගෙන් රුපියල් 40,000ක් සහ ගුවන් ගමන් බලපත්‍රය ද ලබා ගෙන තිබූ බව ඔවුන් කරන ලද පැමිණිලිවල සඳහන් වේ.
ස්විට්සර්ලන්තය බලා පිටත්කිරීම සඳහා ඇය රුපියල් 850,000ක මුදලක් ඉල්ලා තිබූ බවද අනාවරණය වී ඇත. සැකකාරියට විරුද්ධව මෙවැනි ම පැමිණිලි කොට්ටාව හා බොරැල්ල පොලිසිවලටද වාර්තා වී ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකාරිය මුදල් ලබාගත් බව කියන පුද්ගලයන් සිටී නම් නොපමාව හොරණ පොලිසියට පැමිණිලි කරන ලෙස අපරාධ අංශ දන්වයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීසා දෙන බව කියා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට