
(ප්‍රියාණි මංගලිකා )
ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේදී අද (27) රාත්‍රී සිදුවූ වල් අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව ගල්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව ගලපිටදිගන,ගල්ලෑවේ පදිංචි නිමල් හේරත් වන්නිනායක නැමැති 40 හැවිරිදි අයෙකු සහ ඔරුගොඩකන්ද,ගල්ලෑවේ පදිංචි ඊ.එම්.පියදාස නැමැති 60 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.
පුද්ගලයන් පස් දෙනෙකු අසල්වැසි ගමක කුලී වැඩ කර ආපසු නිවෙස් වලට පැමිණෙමින් සිටියදී දේවගිර පන්සල ආසන්නයේදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බවත් තිදෙනෙකු දිව ගොස් ජිවිතය බේරා ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු ගල්ගමුව රෝහලට රැගෙන යාමට පියවර ගත්බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වල් අලී පහර දීමකින් දෙදෙනෙක් මරුට