IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වැල්ලවායේ අවි ගබඩාවකට දෙහිවල සිට අවි රැගෙන ගිය කැබ් රථය සොයාගනී

(බිමල් ශ්‍යමන් ජයසිංහ)

වැල්ලවාය කුඩා ඔය ප්‍රදේශයේ ගිනි අවි ගබඩාවකට දෙහිවල සිට ගිනි අවි,වායු රයිෆල් , ජීව උණ්ඩ, බෝම්බ  සහ කඩු තොග වශයෙන් ප්‍රවාහනය කළ ඩබල්  කැබ් රථයක් දෙහිවල සරණංකර පාරේ දෙමහල් නිවසක  ගරාජයේ තිබී අත් අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

ඌව කුඩා ඔය පොලිසිය මගින් ඉකුත් 12 වැනිදා ජංගලිවත්තේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම ගිනි අවි ,වායු රයිෆල්,ජීව උණ්ඩ,කිනිසි,දැලි පිහි,දුම් බෝම්බ,කෙටෙරි සොයා ගනු ලැබූණේ දරුවන් දෙදෙනෙකු වෙසක් කූඩු සෑදීමට එම වත්තට අතුළු වූ අවස්ථාවේ සැකකටයුතු  පාර්සල් කිහිපයක් දැක ඒ බව දෙමාපියන්ට දැන්වීමේ පසු ඔවුන් ඒ බව පොලිසිය දැනුම් දීමෙන් බව පොලිසියි කීය.

ඒ අනුව ඌව කුඩා ඔය පොලිසිය නිල සුනඛයන්ගේ සහය ලබා ගනිමින් එම වත්තේ ස්ථාන කිහිපයක වල දමා තිබූ අවි ආයුධ තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ එම වත්තේ මුරකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්‍රකාශ මත එම වත්තේ හිමිකරු දෙහිවල සරණංකර මාවතේ නිවසේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබූ බව පොලිසිය කියයි.

ඉකුත් 13 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් දෙහිවල සරණංකර මාවතේ නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී තවත් වායු රයිෆල්,පතුරොම්,ජීව උණ්ඩ, ගිනි අවි අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.

අවි ගබඩාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාස තුනක රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන එම වත්තේ හිමිකරු වන මොහොමඩ් පේසල් අබ්දුල් නැමැත්තාගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම ඩබල් කැබ් රථය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

වැල්ලවායේ අවි ගබඩාවකට දෙහිවල සිට අවි රැගෙන ගිය කැබ් රථය සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32288 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14785 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1286 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site