IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ව්‍යාජ ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 4 ක් අත්අඩංගුවට

(එච් චන්දන සහ රෝවන් පෙරේරා )

නවීන සුඛෝපභෝගී කාර් රථයකින් මීඩියා නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිතීවිරෝධී මැතිවරණ ප්‍රචාරණ  කටයතු කළ පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩයමක් ලෙස තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අදාළව ප්‍රචාරණ කටයතු නිරත පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.   

කාර් රථයේ තිබී  අත් පත්‍රිකා 100 ක් , පොස්ටර් 298 , අත් පත්‍රිකා කාඩ් 430 , ස්ටිකර් 4 ක්, නම සදහන් ටීෂර්ට් 3 යි , අත්පන්දු බෝල දෙකක්  පොලිසිය බාරයට ගෙන ඇත.

මෙම අපේක්ෂකයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් මෙහෙයවනු ලබන  තරාදිය  ලකුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකි.

අත්අඩංගුවට ගත්  සැකකරුවන්  පොලිස් ඇප මත නිදහස් කර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ව්‍යාජ ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site