(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු දෙවනගල පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.
මොහු බලන්ගොඩ නගරයේ ඇති සතොස වෙළඳසැලට පැමිණි භාණ්ඩ මිලදීගෙන ඒ සඳහා රුපියල් දහසක මුදල් නෝට්ටුවක් මුදල් අයැකැමිට දී ඇත. නොට්ටුව ගැන සැක සිතූ අයකැමිවරයා කළමනාකරුට දන්වා ඇති අතර, පසුව බලන්ගොඩ පොලිසියට දන්වා ඇත.
බලන්ගොඩ පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී එකම අංකය සහිත රුපියල් දහසේ තවත් නෝට්ටු 3ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙක් අත්අඩංගුවට
sanath weerakoon Sunday, 27 October 2019 04:08 PM
මටත් ඔහොම රුපියල් 500 ලැබුනා. බඩු ගෙනෙන්න යැව්වම කඩ මුදලාලි ඒක හොර නෝට්ටුවක් කියා ආපහු එවා තිබුනා. හොද වෙලාවට පොලිසියට දන්වලා නැහැ. එහෙම වුනානම් නිරපරාදේ හිරේ ඉන්න වෙනවා. මං ඒ රුපියල් 500 නෝට්ටුව පුච්චලා දැම්මා.