(රංජිත් රාජපක්ෂ)
ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතාගේ 146 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් අද (17) පැවැත්විණි.
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමාන්‍යාධිකාරි සි.ජි.එස් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන පැවැත්විණි.
ඩි.ජේ.විමලසුරෙන්ද්‍ර මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ කොහොඹ , මි , කුඹුක් පැළ 200 ක් රෝපණය කිරිම මෙහිදි සිදු කෙරිණි.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ඉංජිනේරුවන්, සේවකයින්, යුද හමුදා නිලධාරින්, හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා සහ කාසල්රි ජලාශයේ ධීවර ප්‍රජාව මෙයට සහභාගී වූහ.
ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතා විදේශීය අධ්‍යාපනය නිමකර 1930 වසරේ දී ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.
ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය ඉදී කිරිමට නෝටන්බ්‍රිජ් ප්‍රදේශය තොරාගෙන ඇති අතර , එහිදි විමසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඉදිකර පසුව නෝටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය ද ඉදිකර තිබේ.
විමසුරේන්ද්‍ර ජලාශයේ සිට උමං මාර්ගය ඔස්සේ ලක්ෂපාන ප්‍රදේශය දක්වා ජලය රැගෙන ගොස් ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතා මුලිකත්වය ගෙන කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය ඉංජිනේරු කියා සිටිති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විමලසුරේන්ද්‍ර ජන්ම දින සැමරුමට වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්