(ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න)
දිඹුලාගල , මඟුල්දමන ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළක රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකු අද (11) අලුයම වනඅලියෙකු පහරදීමෙන් මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අරලගංවිල රිදීපොකුණ සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කල වැලිකන්ද, අසේලපුර , මහින්දාගම, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි සිවිල් ආරක්‍ෂක නියාමක (පී. 86627) පල්ලේගම දුරයලාගේ මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක(33) යන අයයි.
එම සිවිල් ආරක්ෂක භටයා තම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලේ ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටියදී වන අලියා ගොවිපල තුලට පැමිණ පහරදී තිබෙනන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
ඔහුගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (11) පොලොන්නරුව මහ රෝහලේදී සිදු කිරීමට නියමිත බව පොලීසිය පැවැසීය. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
( ඡායාරූප - ප්‍රසාත් සමන්)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයා මරුට