(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක බල ප්‍රදේශයට අයත්  පලාගල කුඩා හෙට්ටියාව ප්‍රදේශයේදී එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි එක්දරු පියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පලාගල කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ කිරිබංඩා නමැති 64 හැවිරිදි එක්දරැ පියෙකි.

ඊයෙ 11 උදෑසන ඔහු නිවසෙන් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වනතෙක් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අවට වැසියන් එක්ව ඔහු සෙවීමට මෙහෙයුමක් සිදුකර තිබිණ.

ඒ අනුව ඊයේ රාත්‍රි 9.00ට පමණ ඔහු පදිංචි නිවසට යාබදව ඇති තල් ගස් සහිත වන ලැහැබක තිබී ඔහුගේ සිරුර හමුව ඇති බව පොලිසිය කියයි.