IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදුලි රැහැනක පැටලී ගොවියෙකු මරුට

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
ගොඩ බෝග වගාවක් වටා ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක පැටලී දර්ශනපුර ප්‍රදේශයේ ගොවියෙකු අද (07) මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

එලෙස මරණට පත්ව ඇත්තේ මැදිරිගිරිය පදිංචි ඩබ්ලිව්.ආර් ජයසිංහ බණ්ඩා නමැති දෙදරු පියෙක් බව පොලිසිය කියයි.

නිරන්තරයෙන් දර්ශනපුර ප්‍රදේශයේ ගොවිබිම්වලට වල් අලි කඩා වැදීම හේතුවෙන් මෙම ගොවිමහතා ඔහු වගා කළ ගොඩ බෝග වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අනවසර විදුලි රැහැන ඇද ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.

ඊයේ (06) රාත්‍රියේ කඩා වැදුණු වල් අලි රංචුවක සිටි අලියෙකු අද අළුයම 6.00 පමණ එළවාදැමීමට උත්සාහ ගන්නා අවස්ථාවේ අලියා මීටර 100 පමණ ප්‍රදෙශයක් මෙම පුද්ගලයා පසුපස පන්නා ඇති අතර එලෙස තම වගා භූමිය ප්‍රදේශයට දුවගෙන ආ මෙම ගොවි මහතා ඔහු විසින් ම ඇද තිබූ අනවසර විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව ඇත.
සිද්ධිය වූ අවස්ථාවේම ඔහු රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතු කර ඇති අතර ඒවනවිටත් ඔහු මරණයට පත්ව සිටි බව ප්‍රදේශවාසීහු කියති.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

විදුලි රැහැනක පැටලී ගොවියෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site