IMG-LOGO

වෙඩි කා පලාගිය වෑන් රිය කුලියට ගත් එකක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම  ඩී. ඇස් සේනානායක හන්දියේදී  පොලිස් වෙඩි පහර කා නොනවත්වා පලාගිය, කොල්ල කල්ලියක් ගමන්ගත් වෑන් රිය රාජාංගනය ප්‍රදේශයෙන් කුලියට ලබාගත් එකක් බව හෙළි වී ඇතැයි මීරිගම පොලිසිය කියයි.

එම වෑන්රිය  රාජාංගනයේ පහේ කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවද, එම කාන්තාව මාසයකට පමණ පෙරදී මිලට ගෙන ඇති බවද, ඇගේ සහෝදරයකු  මෙම සිද්ධියට පෙරදිනයේ එම අයගේ හිතවතකුට රථය කුලියට දී ඇති බවද හෙළිවී ඇත. දිනකට රුපියල් 3,500 බැගින් ගෙවීමේ පදනම මත රිය  දින හතරක කාලයක් සඳහා රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෑන් රිය අයිති කාන්තාවගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවද වෑන්රිය  කුලියට දුන් ඇගේ සහෝදරයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ වෑන් රිය  කුලියට ගත් පුද්ගලයා  රටපුරා ගමන් කරමින් රෙදි සොරකම් කිරීමේ නිරත පුද්ගලයකු බවද, සිර දඬුවම ලබමින් සිටි  ඔහු පසුගිය ජුනි  මාසයේදී  හිරෙන් නිදහස්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.

පසුගිය 13 වනදා මීරිගම  ඩී.ඇස් සේනානායක හන්දියේදී  පොලිස් අණ නොතකා පලා ගිය මෙම වෑන් රියට පොලිසිය විසින් වෙඩි තබන ලද අතර, එය නොනවත්වා පලා ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වෙඩි කා පලාගිය වෑන් රිය කුලියට ගත් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site