(ඩී.කේ.රත්න )
කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි පවසමින් ජනතාව මුළා කරමින් වැලිමඩ නගරයේ වංචනිකව මුදල් එකතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද ( 26) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලිසිය පොලීසිය පවසයි.
වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැලිමඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසළ පිහිටි තාවකාලික බස් නැවතුම්පළේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ආසිරිගම, ගෝනවල ප‍්‍රදේශයේ කුඩා දරුවෙකුගේ සැත්කමක් සම්බන්ධයෙන් මුදල් එකතු කිරීමට අදාළ ලිපි ගොනුවක් මොවුන් සතුව තිබී ඇති අතර මෙම කුඩා දරුවාගේ සැත්කම සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධව විවිධ පාර්ශවයන් විසින් ලබා දුන් ලිපිද මොවුන් අත තිබී ඇත.
එම ලිපි පිළිබදව නිවැරදි තොරතුරු ලබාදීමට අදාළ පුද්ගලයින්ට නොහැකිවීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී මොවුන් සන්තකයේ තිබී ජනතාවගෙන් එකතු කරන ලද රුපියල් 9,135ක මුදලක්ද පොලිසිය සොයා ගෙන තිබේ. සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වංචනික ලෙස මුදල් එකතු කළ දෙදෙනෙක් වැලිමඩදී අත්අඩංගුවට