(මනෝජ් හර්ෂික)
කෘෂි රක්ෂණ මණ්ඩලයෙහි ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අද (26) කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් උපදෙස් ලබා දී තිබේ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අම්පාර, මොණරාගල හා ඇතිමලේ රක්ෂණ වාරික ගෙවූ ගොවීන් 3000 කට වගා හානි මුදල් ගෙවීමට නියමිත අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වැය වන බවත් එම මුදල් ප්‍රමාද නොකර කඩිනමින් ගොවින්ට ලැබීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
තවද සේනා දළඹු වගා හානි වන්දි මුදල් පළමු අදියර ගෙවා අවසන් වී දෙවන අදියර යටතේ ගෙවීමට ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 12,995 ක් සඳහා මිලියන 211 මුදලක් ද මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 12,254 දෙනකු සඳහා රු. මිලියන 208 ක මුදලක්ද හානි වන්දි මුදල් දෙවන වර ගෙවීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වනවිටත් යොමුකර ඇති බවත් ඒ වෙනුවෙන් අනුමැතිය ද ලබාඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වගා හානි වන්දි ඉදිරි සති දෙකේදී ගෙවනවා ’