හමුදාවට යටත් වුණු කොටි ත්‍රස්තයින් දිගුකාලීනව රෝගී වී මිය යන්න රඳවා ගෙන සිටි සමයේ විෂ එන්නත් විදලා ඇති බවට වික්‍රමබාහු කරුණාරත්න මහත්තයා චෝදනා නගන බවත් මෙවැනි බරපතල චෝදනාවක් රටේ හමුදාවට නගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතු බවත් නැතිනම් වික්‍රමබාහු අත්අඩංගුවට ගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල මහතා කීවේය.
“ඇත්තම තත්වය තමයි විෂ එන්නත විදලා තිබෙන්නේ වික්‍රමබාහුට. ඔහුට බටහිර රටවල් දෙමළ බෙදුම්වාදි විෂ බීජය එන්නත් කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ මනෝ විකාර කියන්නේ. ඒ ලෙඩේට බෙහෙත් ගත්තාම ඔය වගේ විකාර කතා ආයෙත් කියවෙන එකක් නෑ.“
යැයිද
“අපේ රණවිරුවන් අපකීර්තියට පත් කරන්න ගොඩ නගන අළුත්ම යුද අපරාධ චෝදනාව ඕක. හමුදාව කිසිසේත්ම එවැනි දෙයක් සිදු කලේ නෑ. 13,000කට ආසන්න කොටි සාමාජිකයින් ගණනක් කරේ එල්ලුණු සයිනයිඩ් කරල හපලා සිය දිවි හානි කර ගන්නේ නැතුව හමුදාවට යටත් වුණේ තමන්ට වද හිංසා නොකරාවි යන විශ්වාසය තිබුණු නිසා. ඒ අය පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා ඉංග්‍රීසි පරිගණක අධ්‍යාපනය ලබා දීලා තෑගි සමග ඥාතීන්ට බාර කලා. මේ සියල්ල කලේ වසර දෙකක් ඇතුලත. ලෝකයේ කිසිම රටක් ත්‍රස්තවාදින්ට එහෙම සලකලා නෑ. එහෙව් රණවිරුවන්ට තමයි මේ විෂ එන්නත් චෝදනාව කරන්නේ.“
යැයිද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“වික්‍රමබාහුට විෂ එන්නත් දීලා“