( පාලිත ආරියවංශ )
ජංගම වෙළද රථ මගින් පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව ලුනුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය .
මෙම බලපත් ලැබූ රථ වාහන හා ත්‍රිරෝද රථ හිමියන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ලබාදුන් බලපත්‍රය උපයෝගි කර ගනිමින් කුලී ගමන් සේවා හා වෙනත් කටයුතු වල නියැලෙන බවට ලැබුනු තොරතුරු මත සිදුකල පරික්ෂාවේදී එය තහවුරු විමෙන් පසු මෙම පියවරගත් බවද පැවසීය .
මේ අනුව කලින් නිකුත් කර තිබූ බලපත් හැත්තැවම (70 ) අවලංගු කර ඇති අතර එම කටයුතු හොදින් සිදුකළ කුඩා ප්‍රමාණයේ ලොරි රථ 5 කට පමණක් අද (6) නව බලපත්‍ර ලබාදුන් බව දිසානායක මහතා සඳහන්කළේය .
ඔවුන්ද ගමන්කළ යුතු මාර්ගය හා වේලාවන් ලබාදී ඇති අතර පාරිබෝගියන්ට හිතු හිතූ මිල ගණන්වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවිකිරිම ට ඉඩක් නොලැබෙන අයුරු මිළගණන් නියම කිරීමටද ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවරගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි