(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කුඹල්ඔලුව ප්‍රදේශයේ ලි මෝලක මුරකරුවු අසූ හැවිරිදි සිවුදරු පියකු අබිරහස් අන්දමින් මිය ගොස් සිටියදී හමු වූ බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මිය ගිය අය ගේ දේහය බූරු ඇඳක් මත තිබියදී හමු වූ බවත් මරණකරුගේ නහයෙන් හා කටින් දියරයන් ගලා යමින් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

මියගිය අයගේ යැයි සැක කරන ගැලවී වැටුණු දතක් ද ඒ ආසන්නයේ තිබී පොලිසිය සොයා ගෙන ඇත අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් අශෝක පතිරණ මහත්මිය ස්ථානීය පරීක්ෂණය පවත්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දේහය යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය.