(මනෝප්‍රිය ගුණසේකර)
ලොරි රථයකින් කේරල ගංජා කිලෝ 61 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයයෙක් අත්අඩංගුවට ගත් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 07 ක මුදලක්ද සොයාගෙන ඇත.
ලොරියකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී කැලණිය වේවැල්දුව ප්‍රදේශයේදී අද (03) අල්ලා ගත් පුද්ගලයයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කරගත් තොරතුරු වලට අනුව ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 07 ක මුදලක්ද සොයා ගෙන ඇත.
කොළඹ මිහිඳු මාවතේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කැලණිය වේවැල්දුව ටයර් සංස්ථා හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කළ අතර එහි කේරල ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී එම නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
ලොරි රථයේ රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ශ්‍රී ලංකාවෙන් පළාගොස් ප්‍රංශයේ සැඟවී සිටින පුද්ගලයකු විසින් මෙම ජාවාරම මෙහෙයවන බවත් ඔහුගේ අනුදැනුම ඇතිව සේදවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ගංජා ජාවාරමේ මෙරට හසුරුවන බවත් හෙළි කරගෙන ඇත.
වැඩිදුර විමර්ශන වලදී සේදවත්තේ පදිංචි මෙරට ප්‍රධාන ජාවාරම්කරු විසින් මීට මාස දෙකකට පෙර රුපියල් කෝටි 2 1/2 කට වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් හෝටලයක් මිලදී ගෙන ඇති බව හෙළි කරගත් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් එම හෝටලය පරීක්‍ෂා කිරීමේදී ගංජා ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් ලක්‍ෂ 07 මුදලක් සුක්‍ෂම අයුරින් එහි සඟවා තිබියදී සොයාගෙන ඇත.
මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින මෙම ගංජා ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු අල්ලා ගැනීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුලත්මුදලි සහ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට