(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරම පේසාලේ ප්‍රධාන මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ගංජා කිලෝ 20ක් සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.පාර්සල් 10 ක අසුරා වෑන් රථයේ පිටුපස අසුන යට සඟවා ගංජා ප්‍රවාහනය කරමින් සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරු පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd