
(ශාන්ත චන්ද්‍රසිරි)
හැටන් - මහනුවර මාර්ගයේ වටවල, කැරොලිනා ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වටවල පොලීසිය පවසයි.
මෙම අනතුරින් ජීවිත්කෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, වැලිගම්පොල, දෙකිඳ ප්‍රදේශයේ පදිංචි අන්තෝනී ඩොමනික් (25) නැමැති තරුණයෙකි.
වටවල ප්‍රදේශයේ පුද්ගලික අයතනයක රැකියාවක නිරත මෙම තරුණයා රැකියාව නිම කොට යතුරු පැදියෙන්නා වලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට යමින් සිටියදී යතුරු පැදිය ලිස්සා ගොස් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිදු වු
අනතුරකින් පසුව වටවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් මියගිය තරුණයාගේ මළසිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.


2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරින් තරුණයෙක් මරුට