IMG-LOGO

රිය අනතුරකින් අයෙක් මරුට

(රන්න - චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පොලිස් වසමේ කටුවැව ප්‍රදේශයේදී අද (08) සවස සිදුවූ රිය අනතුරකින් තිදරු පියෙකු මිය ගොස් ඇති බව වීරකැටිය පොලීසිය පවසයි.

තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ජීප් රථයක් හදිසියේම මාර්ගය හරහා ගමන්කර ඉදිරියෙන් පැමිණි  ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි.

අනතුරෙන් මිය ගොස් තිබුණේ  වීරකැටිය, ගිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුංචි හේවගේ ප්‍රියංකර රෝහන පුංචි හේවා යන අයයි.

ජීප්රථය තුළ තරුණියක් හා තරණයෙකු ගමන්කර ඇති අතර තරුණයා විසින් ජීප් රථය පදවා ඇති බව පොලීසිය පවසයි. ජීප් රථයේ සිටි තරුණියටද සුළු තුවාල සිදුව තිබේ.

අනතුරු සිදුකළ ජීප් රථය පදවා ඇත්තේ ඇඹිලිපිටිය පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වනඅතර ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට  පත්ව තිබේ.

 



අදහස් (1)

රිය අනතුරකින් අයෙක් මරුට

Buddhika P Saturday, 08 August 2020 03:03 PM

ලක්ෂ 10 - 15 ඉඩමක් තියෙනවද දන්නේ නෑ, ජීප් කොලුවට. ඒ එක්කම අලුතෙන් ත්‍රී වීල් එකකුත් දෙන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 780 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site