IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


රත්ගම ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 24 වැනි දා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය.

මෙම සැකරුවන් 17 දෙනාගෙන්  15 දෙනෙකු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර දෙදෙනකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වෙති. 

මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ කොමර්ෂල් බැංකුවේ ගාල්ල මහා විදියේ සහ කොටුවේ ශාඛා කළමනාකරුවන් දෙදෙනාට  ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා සිටියත් ඔවුන් නොපැමිණි බවයි.

එනිසා ඔවුන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට බැංකුවේ ප්‍රධාන කාර්යාලයට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට ඉඩ දෙමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයට නියෝගයක් නිකුත් කළාය.

මේ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කරුණු දක්වමින් මියගිය දෙදෙනා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිමට ඔවුන් මරා පුළුස්සා දමන ලද ස්ථානයේ පස් ටිකක් ගැනීමට ඔවුන්ගේ බිරින්දෑවරුන් ඉල්ලා සිටින බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ  එයට විරෝධයක් නොමැති අතර  එම ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු එකක් බවයි. 

එහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියාසිටියේ අධිකරණයට ඒ සම්බන්ධව කටයුතු කිරීමට නොහැකි අතර එයට අදාළ පාර්ශව දැනුම්වත් කරන බවයි.  



අදහස් (0)

රත්ගම ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32320 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14829 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site