( ඩී.කේ.රත්න )
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට විරෝධය දක්වමින් බණ්ඩාරවෙල කහත්තේවෙල ශ‍්‍රී අශෝකාරාම විහාරාධිපති බෙරලිහෙල බුද්ධිනන්ද හිමියන් හා ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (16) බණ්ඩාරවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අගෞරව හා අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා ඒ මහතා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඉතා ඉක්මණින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බවයි.
එසේ නොවන්නේ නම් මහා සංඝයා හා බෞද්ධ ජනතාව සමඟ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට විරෝධය පා බදුල්ල නගරයේ සිට කොළඹ දක්වා දැවන්ත පාගමනක් පැවත්වීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල කහත්තේවෙල ශ‍්‍රී අශෝකාරාම විහාරාධිපති බෙරලිහෙල බුද්ධිනන්ද හිමියෝ හා ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රංජන්ට විරෝධය පා බණ්ඩාරවෙල පොලිසියට පැමිණිල්ලක්