IMG-LOGO

රාජකාරියට ගිය සෙබළා මහවැලි ගඟට වැටී මරුට


(ක.ග.කරුණාරත්න)

 
මාදුරුඔය  විශේෂ බළකා කඳවුරේ රාජකාරී කල යුද හමුදා සෙබළෙකු දිඹුලාගල,යක්කුරේ ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තකට ගොස් සිටියදී  මහවැලි ගඟට ඇදවැටී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ මාදුරුඔය දෙවන හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළ ඒ.කේ.ඩී.එස්.කරුණාරත්න (24) යන අයයි.
 
 වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල සිදුවන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට යුද හමුදා භට පිරිසක් වනජීවී නිලධාරීන් සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියදී මේ හමුදා සෙබළා මහවැලි ගඟට ඇද වැටී අතුරුදන්ව ඇති බවත් පසුව ඔහුගේ  මළ සිරුර හමුවී තිබෙන බවත් පොලීසිය සඳහන් කළේය.
 
මිය ගිය හමුදා සෙබළා සතුව තිබූ රාජකාරී ගිනි අවිය ඔහුත් සමඟ ගඟට ඇවැටී අතුරුදන්ව ඇතැයිද එය සෙවීමේ මෙහෙයුමක් සිදු කෙරෙන බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

රාජකාරියට ගිය සෙබළා මහවැලි ගඟට වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 737 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site