( එස් .ඩි .කොඩිකාර )
යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු එය පාලනය කරගත නොහැකිව දෙණියාය විහාරහේන මාර්ගයේ ඇති බෝක්කුවක් යටට ඇද වැටීමෙන් අද (21) මියගොස් ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (35) හැවිරිදි මාකොළ ,නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන කෙහෙල් කොරටුව, ගැටබරු කන්ද ,කොටපොළ ලිපිනයේ පදිංචි හමුදා සෙබලෙකු බව පොලිසිය කියයි .
යතුරු පැදියේ ගමන්ගත් පසු පැදිකරු තුවාල ලබා දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
යතුරුපැදිය අද (21) අලුයම් කාලයේ විහාරහේන ප්‍රදේශයේ සිට දෙනියාය දෙසට ගමන් කරමින් සිටින අතරතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය කියයි .
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd