රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඒ-9 මාර්ගයේ අධික වේගයකින් තරුණයින් දෙදෙනෙකු ගමන් ගත යතුරුපැදිය කිලිනෝච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී නවතා තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.
අධික වේගය හේතුවෙන් නවතා තිබූ බස් රථය පසුකර යාමට ගත් උත්සහයක දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ පටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනො රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය උච්චිපුලත්තෙයි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි ගජානන්දන් හා කුමාර් තනූසන් නැමති තරුණයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට