
( සමන් පාලිත නානායක්කාර )
කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (16) උදෑසන හපුතලේ නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි විසි පහක පමණ ප්‍රපාතයක පිහිටි තේ වත්තකට පෙරළී තිබේ.
එහි ගමන්ගත් රියදුරු තුවාල නොලබා බේරී ඇතැයි හපුතලේ පොලීසිය කියයි. කොළඹ සිට බණ්ඩාරවෙල හල්පේ දක්වා පැමිණි පුද්ගලයකු මෙසේ මෝටර් රථයෙන් ගමන් ගෙන තිබේ.
රියදුරා ට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී පොලිසියට අනාවරණය වී තිබේ. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd