(සිතුම් චතුරංග)
මන්නාරම ,මූර් වීදිය වැව අසලදී රුපියල් ලක්ෂ 6 ක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 468 සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සැකකරු හා කේරළ ගංජා තොගය සොයාගත් බවද පැවසීය.
සැකකරු වෙනත් ප්‍රදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
පොලිසිය පැවසූයේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා තොගයක් රැගෙනවිත් සැකකරු මීට පෙර ජාවාරම්කරුවන් වෙත අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්ය.
සැකකරු මන්නාරම , පල්ලිමුණෙයි පදිංචි වයස අවුරුදු 25 තරුණයෙකි.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා සැකකරු මන්නාරම මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූර්වීදියෙන් ලක්ෂ 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි