IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මුලතිව් හි රිය අනතුරකින් 7 ක් රෝහලේ

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ළමුන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු  තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.

මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ උපකාර පංතියක් නිමවී දරුවන් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී‍මෙන් මෙම පිරිස  තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
 
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දරුවන් සිව්දෙනෙකු හා යතුරුපැදියේ ගමන්ගත් දරුවෙකු ඇතුළු දරුවන් පස් දෙනෙකුද තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
 
යතුරු පැදියේ ගමන්ගත් දරුවාගේ තත්වය බරපතල වන අතර අනෙක් පිරිස සුළු තුවාල ලබා ඇති බවට තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර  ඇත. 
 
අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
 



අදහස් (0)

මුලතිව් හි රිය අනතුරකින් 7 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1290 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site