(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභා වාර්තාවක් පිළිගැනීම සදහා ප‍්‍රථම වරට එම සභාවේදී අද (18) පැවැති රහස් ඡන්දයකදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන් 6 දෙනෙකුගේ සහාය ඇතිව පාලක පොදු ජන පෙරමුණ වැඩි ඡන්ද 15 කින් ජයග‍්‍රහණය කළේය.
සභාපති සරත් නන්දසිරි රණතුංග (පො.ජ.පෙ. ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී මාසික රැස්වීම පැවැත් විණි.
පසුගිය මස 24 වැනි දින පවත්වනු ලැබූ මීරිගම ප‍්‍රාදේශීය සභාවේ විශේෂ මහා රැස්වීම පිළිබදව මහා සභා රැස්වීමට ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිගත නොහැකි එකක් බවට එක්සත් ජාතික පක්ෂයේ ධම්මික අත්තනායක මහතා සභාවට පැවසීය.
එය සම්මත කිරීමට ඡන්දයක් යෝජනා කළ අවස්ථාවේ මනෝජ් පූර්ණිම බණ්ඩාර මහතා (පො.ජ.පෙ.) ඒ සදහා රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව යෝජනාව සම්බන්ධයෙන් පැවති රහස් ඡන්දයේදී යෝජනාව පිළිගත හැකි එකක් බවට ඡන්ද 30 ක් ලැබුනු අතර යෝජනාව පිළිගත නොහැකි බවට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය 15 ක් පමණක් විය. එක් ඡන්දයක් අවලංගු කෙරිණි. නොපැමිණි මන්තී‍්‍රවරුන් ගණන 6 විය.
පොදුජන පෙරමුනේ නියෝජිතයන් 27 දෙනෙක් සභාව නියෝජනය කරන අතර අද ( 18 ) සභා රැස්වීමට පැමිණ සිටියේ ඔවුන් අතරින් මන්තී‍්‍රවරුන් 24 ක් පමණි. ඒ අනුව විපක්ෂයේ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු සභාපතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති බව අනාවරණය විය.
එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර‍්‍රවරුන් 15 ක් ජනතා විමුක්තී පෙරමුණේ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු සිව් දෙනා බැගින්ද ජාතික ජනතා පක්ෂයේ නියෝජිතවරු දෙදෙනෙක්ද සභාව නියොජනය කරති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීරිගම ප්‍රා.සබේ වාර්තාව පිළිගැනීමට රහස් ඡන්දයක්