IMG-LOGO

මන්නාරම් කලපුවේ කඩොලාන කැපූ තුනක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

                     

මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව කඩොලාන කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් වංකාලෙයි කලපු ප්‍රදේශයේ සෝදිසි පරික්ෂාවක් සිදු කරන අතරතුරදී මෙම සැකකරුවන් කඩොලාන කපමින් සිටියදී නාවික හමුදා බාරයට ගනු ලැබීය.

නාවික හමුදා බාරයට පත් සැකකරුවන් මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේම පදිංචි අවුරුදු  29, 41, 51 යන වයස්වල පසුවන්නෝ වෙති.

ඔවුන් පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කිරීම සඳහා මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට බාරදීමට නාවික හමුදාව පියවර ගත්තේය.

 



අදහස් (0)

මන්නාරම් කලපුවේ කඩොලාන කැපූ තුනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site