IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)                       

බලපත්‍රයක් නොමැතිව මත්පැන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (12) සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
 
තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක සිට තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදය දක්වා මත්පැන් බෝතල් 54 ක් සහ බියර් බෝතල් 50 ක් වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි තලවකැලේ නගරයේ රථ වාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
කෝවිඩ් 19 වයිරසය පැතිරයාමේ අවධානමත් සමග යලිත් ඇදිරි නීතිය පනවන බවට සැක සිතූ සැකකරුවන් එම කාලය තුළ අධික මිලට මත්පැන් අලෙවි කිරීම සඳහා හම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහන කරමින් සිටි බව තලවකැලේ පොලිසිය කියාසිටියි.
 
සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සැකකරුවන් එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව තලවකැලේ පොලිසිය පවසයි.



අදහස් (0)

බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site