(නයනජිව බණ්ඩාර)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින්, සත්ව හිංසාව ඇතිවන පරිදි මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනෙකු ලොරිරථ දෙකක් ද සමග අද(30) මොණරාගල හුලංදාව පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවටගත් බව මොණරාගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අම්පාර දමන වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් සැකකරුවන් බුත්තල, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.
මෙම මී ගවයින් 29දෙනා බුත්තල ඹක්කමිපිටිය ප්‍රදේශයේ සිට අම්පාර කල්මුනේ ප්‍රදේශය දක්වා රැගෙන යමින් සිටියදි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලිසිය පවසන්නේ සැකකරුවන් විසින් ලොරිරථ දෙකෙහි රැගෙන යා හැකි සතුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙනයාම නිසා මී ගවයෙකු තුවාල ලබා ඇති බවයි.
බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බුත්තල පශු වෛද්‍ය ලේකම් කාර්යාල මගින් මෙම මී ගවයින් ප්‍රවාහනය සදහා සැකකරුවන්ට බලපත්‍ර ලබාදි ඇත්තේ සතුන් අභිජනනය සඳහා බවත් එය සැකකටයුතු බවත් නිසි විමර්ශනයකින් සොයාබැලීමකින් තොරව මෙසේ මී ගවයින් හා එළ ගවයින් ප්‍රවාහනයට බලපත්‍ර ලබාදීම අපරාධයක් බවත් පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කලින් ගවමස් කඩයක හිමිකරුවෙකු බවද අනාවරණය වී ඇත.
මොණරාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික ගමගේ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව සිටියහ.
සැකකරුවන් හෙට(01) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බලපත්‍ර උල්ලංඝනය කරමින් මී ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට