(රන්න චන්ද්‍රසේන ගමගේ)
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (21) සිට පවත්වාගෙන යනු ලබන දුම්රිය වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පිවිසෙන ප්‍රවේශ මාර්ගයද එහි ආරක්ෂක අංශ විසින් අද (22) දින වසා තබා තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ නිලධාරීන් හැරෙන්නට කිසිදු දුම්රිය සේවකයෙකු ඊයේ (21) දින මෙන්ම අද (22) දිනයේද සේවයට වාර්තා කොට නොතිබිණි. එමෙන්ම ඊයේ (21) මෙන්ම අද දිනයේදී බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව දුම්රියක් ගමන් අත්හිටුවීමට සේවකයන් විසින් පියවර ගෙන තිබුණි.
දුම්රිය ආරක්ෂක අංශය විසින් බෙලිඅත්ත දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිලකාමරයද මුද්‍රා තබා තිබුණි.
වැඩ වර්ජනය නිසා ඊයේ සහ අද දිනයේදී දුම්රිය ගමන් වාර 13ක් පමණ අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසූහ.


2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙලිඅත්ත දුම්රිය ස්ථානය වසා දමයි
de silva Saturday, 22 June 2019 09:13 AM
රටේ ආර්ථිකය වැටිලා තිබෙන අවස්ථාවක මෙවැනි ඉල්ලීම් ඉල්ලමින් වැඩ වර්ජන කිරීම සහ දුම්රියස්ථාන වසා දැමීම ත්‍රස්තවාදී ක්‍රියාවකි .