(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කුඩයක් හේතුවෙන් අද ( 8 ) ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසීය.
විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ආසන්නව පාසල් භූමියේ දැවැන්ත කුඹුක් ගසක අඩි 100 කට ආසන්න උසකින් ඇති අත්තක බැද තිබූ බඹර කුඩය තුළ සිටි බඹරුන් ඇවිස්සීමත් සමග දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාථමික අංශයේ 1 ,2, හා 3 ශ්‍රේණිවල දරුවන් 400ක් පමණ ආපසු නිවසේ වෙත යැවීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබිණි.
මෙම බඹර කුඩය දැනට සති දෙකකට පෙර මෙම කුඹුක් ගසේ බැදීම ආරම්භ කර තිබුණ ද අධික උසකින් යුක්තවීමත් ඒ ආසන්නයට ගමන් කිරීමට නොහැකි වීමත් නිසා බඹර කුඩය ඉවත් කිරීමට නොහැකි වී තිබූ බව කියයි.
කෙසේ වෙතත් ඊයේ (7) රාත්‍රියේ වන ජීවි නිලධාරීන් පාසල් භූමියට පැමිණ විවිධ උපක්‍රම භාවිතා කරමින් බඹරුන් පළවා හැරීමට කටයුතු කර තිබුණ ද එය සාර්ථක වී නොතිබිණි.





2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු කොට්ටුකච්චිය පාසලේ ප්‍රාථමික අංශය වසා දමයි