(දිලීප් ජයසේකර)
හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට පහරදී ඝාතනය කළ සැකකරුවන් සිව් දෙනෙකු මේ මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (18) නියෝග කළේය.
මෙම සිදුවීම දුරදිග යාමට අවදානමක් ඇති හෙයින් හම්බන්තොට මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (18) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.
මීට අමතරව හම්බන්තොට බඳගිරිය,මාලේ කොළණිය ඇතුළු ප්‍රදේශ වලට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
මියගිය තරුණයා සිය මිතුරකුගේ නිවසේ පැවැති ආරවුලක් විසඳීමට මිතුරා සමඟ 16 වැනි දින රාත්‍රී 9.30 ට පමණ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී නිවැසියන් විසින් මොවුන් දෙදෙනාට පහර දී ඇති බව පොලිසිය කියයි.
එහිදී සිදුකළ පහරදීමේදී මිතුරා පලා ගොස් ඇති බවත් මියගිය තරුණයාට එම පිරිස එක්ව පහර දී පිහියකින්ද ඇණ ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්වූ තරුණයාගේ සිරුරද රෝහල වෙත රැගෙන යාමට එම පිරිස ඉඩ ලබා නොදී ඇති බවත් පසුව හම්බන්තොට පොලිස් නිලධාරීන් පැමිණ තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තරුණයා හම්බන්තොට මහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඳගිරියට විශේෂ පොලිස් ආරක්ෂාවක්