IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ලේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ‍

(විජේරත්න රත්නායක)

2018 වසරට සාපේක්ෂව මේ වසරේදී බදුල්ලේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය වසර තුළ බදුල්ල පළාත් මහ රෝහලෙන් පමණක් ප්‍රතිකාර ලබාගත් ඩෙංගු රෝගීන් ප්‍රමාණය 325 දෙනෙකු වන අතර මෙම 2019 වසරේ මුල් මාස 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 649 දෙනෙකු එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මෙම මාසයේ මුල් සතිය වන විට බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 88 දෙනෙකු වාර්තාවී ඇති බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිළි වන බවද පැවසූ ඒ මහතා, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අවට ප්‍රදේශය, හිඳගොඩ සහ හිඟුරුගමුව යන ප්‍රදේශයන්ගෙන් වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වී ඇති බවද සමස්ථයක් ලෙස බදුල්ල නාගරික බල ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව මෙම රෝගය ව්‍යාප්තවී ඇති බවද පෙන්වා දුන්නේය.

මෙම තත්වය මත බදුල්ල පළාත් මහ රෝහලේ ළමා රෝග හා කායික රෝග වාට්ටුවලඉඩකඩ පවා ප්‍රමාණවත් නොවූ බවද රෝහලේ සේවය කරන ඇතැම් වෛද්‍යවරුන්, හෙදියන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිස් පවා එම රෝගයට ගොදුරු වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම මේ දිනවල ඩෙංගු මෙන්ම වෛරස් උණ රෝගයක්ද පවතින අතර මේ රෝග නිවැරදිව හඳුනාගත යුතු බවත් දින තුනකට වඩා උණ පවතීනම් වහාම ළඟම ඇති රජයේ රෝහලට යන ලෙසත් ජනතාවට අවවාද කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා, වෛද්‍යවරුන් ලබාදෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇතැමුන් තුළ වැරදි මතයක් පවතින බවද පෙන්වා දුන්නේය.

 

 

 



අදහස් (0)

බදුල්ලේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site